මීගමුව ලක්ෂ 135 රන් කොල්ලයේ CCTV දර්ශන

Apr 18, 2014

මිගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදි මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලායාමේ සිද්ධියේ CCTV දර්ශන අප වෙත ලැබී තිබේ.
යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ගිනි අවි පෙන්වා ඊයේ රාත්‍රී එම කොල්ලකෑම සිදුකර
පලාගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙන බව ය.

මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ද පරීක්ෂණ සඳහා ක්‍රියාත්මකයි.

සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ තවත් කණ්ඩායම් දෙකක් ද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කොල්ලකා ඇති මුදල් හා ස්වර්ණාභරණවල වටනාකම රුපියල් ලක්ෂ 135 ක් පමණ වන බව ය.

0 comments

Post a Comment

Chinthaka. Powered by Blogger.