ගම්පහ රෝහල අසල පිහිටි පුද්ගලික ලීසින් සමාගමකට පැන රුපියල් දෙකෝටියකට අධික මුදල් සහ රත්තරන් කොල්ල කෑ මහකොල්ලයේ මොළකරු වන විජය කුමාර රාමනායක ඇතුළු සැකකරුවන් තිදෙනකු කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයෙන් සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබිණි.
2013 වසරේ අගෝස්තු 21 වන දින දහවල් කාලයේ මෙම මූල්‍ය සමාගමට පැන පිස්තෝල පෙන්වා
මෙලෙස මංකොල්ල කෑමේ සිද්ධියක් පොලිසියට වාර්තා විණි. ඉන්පසු ඒ පිළිබඳ පරීක්ෂණ කර මෙම සිද්ධිය සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර ඔහු සමෘද්ධි නිලධාරියෙක් වන කරාටේ සමන්ත වේ. පසුව මේ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් සිදු කළ අතර මෙම අපරාධයේ සියලු දර්ශන සීසීටීවී කැමරා පද්ධතියක සටහන් වී තිබූ නිසා ඔවුන්ගේ ඡායාරූප මාධ්‍යයට නිකුත්වුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් තැනැත්තකු පිළිබඳ මිරිහාන පොලිස් ඒකකයට තොරතුරක් ලැබුණ අතර ඔහුත් කහවත්තේ සිය බිරිඳගේ නිවසේ ජීවත් බවට තොරතුරු සොයාගෙන තිබුණි. ධනුෂ්ක අල්විස් ජයසිංහ නමැති මොහු එක් දරු පියකු මෙන්ම පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවකුවෙකි. ඔහුට කොල්ලකෑම් සිද්ධීන් රැසක් මෙන්ම මිනීමැරුම් චෝදනාද එල්ලවී තිබූ අයෙකි. ඒ අනුව ඔහු ඊයේ දින ගාල්ලේ සිට ටී 56 ගිනි අවියක් රැගෙන කොළඹට එන බවට පොලිසියට තොරතුර ලැබි තිබේ. ඒ හෝමාගම ප්‍රදේශයේ බැංකුවක් කොල්ලකෑමට බවද එහිදී අනාවරණය විය.
ගාල්ලේ සිට බස් රථයකින් පැමිණි ඔහු කළුතර උතුර වාඩිමංකඩ ප්‍රදේශයේදී බසයකින් බැස තිබේ. පසුව එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අතේ තිබූ නිල් පැහැති බෑගයක තිබි ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 15ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පසුව ඔහු හෙළි කරන ලද තොරතුරුවලට අනුව හෝමාගම ප්‍රදේශයේ බැංකු කොල්ලයට සූදානම් වී සිටි තවත් දෙදෙනකු සම්බන්ධ තොරතුරු ලැබි ඇත. එම ස්ථානයේ ගම්පහ කොල්ලයට සම්බන්ධ සමන්ද සිට ඇත. ඊට අමතරව සම්පත් යන අයද මේ කොල්ලය සඳහා අලුතින් එක්කර ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබි රිවෝල්වරයක් සහ ගල්කටස් ගිනිඅවියක් උණ්ඩ 6ක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මේ අතර තුර පොලිස් විශේෂ විමර්ශන අංශයට ගම්පහ කොල්ලයේ මහ මොළකරුවන කුමාර රාමනායක පුත්තලම ප්‍රදේශයේ සැඟවී සිටින බව තොරතුරු ලැබි ඇත. ඒ අනුව කොළඹ උතුරු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පුත්තලම ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇත. ඒ යන විටත් රාමනායක පුත්තලම දුම්රිපොළ පිටුපස පිහිටි කඩ කාමරයක සැඟව සිට ඇත. පසුව ඔහුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබි මි.මී. 9 ගිනි අවියක් සොයාගෙන තිබේ. ගම්පහ කොල්ලය මොහු මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරයේ සිටින අයකුගේ උපදෙස්මත බව මේ වන විට හෙළිවී ඇත. කුමාර රාමනායක අදාළ කොල්ලයට ආයුධ රැගෙන විත් ඇති අතර කොල්ලයෙන් පසුව මොහු බැංකුවෙන් සොරාගත් රත්තරන් ග්‍රෑම් 620ක් පමණක් ලබාගෙන තිබේ.
කුමාර රාමනායක මීට පෙර තවත් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව හෙළිවී ඇත. එනම් සපුගස්කන්ද ප්‍රදේශයේ නිවසකට පොලිසිය යැයි පවසා ඇතුළු වී මුදල් කොල්ලයක් සිදු කර ඇත. ඊට අමතරව ගම්පහ කඩයකට පැන මුදල් කොල්ලකෑමක් සිදු කර ඇත. මොහු ගම්පහ කොල්ලයෙන් පසුව කිසිදු කොල්ලකෑමක් සිදු කර නොමැති බවද ඔහු පවසා ඇත. කෙසේ වෙතත් මෙම සැකකරු කොල්ලයෙන් පසුව පුත්තලම ප්‍රදේශයේ ජීවත් වී ඇති බවද මෙහිදී අනාවරණය වී ඇත.
මෙහි වැඩිදුර පරීක්ෂණ කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතා සහ මිරිහාන පොලිස් ඒකකය මගින් සිදුකරනු ලබයි.
ගයාන් ගාල්ලගේ/චාමර අමරසූරිය
Rivira Paper
Chinthaka. Powered by Blogger.