ත්‍රිත්ව ඝාතනයක් ඇතුළු ඝාතන සිද්ධීන් හතකට සහ කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ ගණනාවක් ගැන පොලිසිය සොයමින් සිටි 'මිනුවන්ගොඩ ජීවන්' නමින් හැඳින්වූ පාතාල නායකයකු හා සැක කටයුතු ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අයත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දික්වැල්ල ප්‍රදේශයේදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට
පත්ව තිබේ. මොහු හමුදාවෙන් පලාගිය සෙබළකු බව පැවැසේ.
මෙසේ මියගොස් ඇත්තේ දික්වැල්ල නිල්වැල්ල ප්‍රදේශයේ පදිංචි කේ. එච්. නලින්ද ප්‍රදීප් සහ කොළඹ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ජීවන් සුනිමල් රාජපක්‍ෂ නමැති අවුරුදු 30-35ක තරුණයන් දෙදෙනෙකි.
විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව දික්වැල්ල රත්මලේ ප්‍රදේශයේ මාර්ග බාධක යොදා වාහන පරීක්‍ෂා කරමින් සිටින අතරතුර අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයකට නතර කිරීමට නියෝග කර ඇති අතර ත්‍රිරෝද රථය පාලනය කරගත නොහැකිව කානුවට වැටී ඇත. එහි පැමිණි අය පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පලා යෑමට උත්සාහ දරා ඇති අතර එම නිලධාරීන් පෙරළා වෙඩි තැබීමේදී ඔවුන් දෙදෙනා තුවාල ලබා ඇත. පසුව දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනා මියගොස් ඇත.
මියගිය දෙදෙනාගෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරු මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ අධිකරණය මඟහරිමින් සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු බවට තොරතුරු හෙළිවී ඇත. ඔවුන් ළඟ තිබී මයිකේරා් වර්ගයේ පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් පොලිසියට හමුවී ඇත.
එම පාතාල නායකයා සමඟ සිටි මියගිය සැකකාර ත්‍රීරෝද රථ රියැදුරා දික්වැල්ල මීවැල්ල ප්‍රදේශයේ පිහිටි නිවෙස පොලිසිය විසින් පරීක්‍ෂා කිරීමේදී එහි අල්මාරියක සඟවා තිබූ පිස්තෝලයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් එම නිවෙසේ සිටි ඥාතිවරයකුද ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය භාරයට ගෙන තිබේ.
මියගිය අයගේ මළ සිරුරු දැනට දික්වැල්ල දිසා රෝහලෙහි තබා ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනකු මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දික්වැල්ල පොලිස් ස්ථානාධිපති පො.ප. ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. බටගොඩ පො.සැ. රත්නායක (63546), පො.සැ. ලසන්ත (22747), පො.සැ. ශාන්ත (55828), පො.සැ. තිලකරත්න (55917) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Chinthaka. Powered by Blogger.


+(1).jpg)
.jpg)
.jpg)
.jpg)
