ගයේෂා, ජින්ජර්, රුවන්ති නාම යෝජනා ලැයිස්තුවෙන් විසිවේ

Feb 4, 2014

එළඹෙන පළාත් සභා මැතිවරණය උදෙසා නාම යෝජනා ඉදිරිපත් කල නිලියන් හා ගායිකාවන් හට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නාම යෝජනා ලබාදෙනවාද නැද්ද යන දෙගිඩියාව අවසන් කරමින් අවසන් නාම යෝජනා පත්‍රය සන්ධානය විසින්
මේවනවිට ප්‍රසිද්ධකොට තිබේ. 

ඒ අනුව කොලොන්නාවෙන් ඉල්ලු ජින්ජර් ජුඩිත් වයිට්, රුවන්ති මංගලා හා දහසක් බලාපොරොත්තු මැද දෙහිවලට නාම යෝජනා ඉල්ලු ගයේෂා පෙරේරා හට පක්ෂය විසින් නාම යෝජනා ලබාදී නොමැත. 

සුපුරුදු පරිදි දකුණු පළාතෙන් ගීතා කුමාරසිංහ හා අනර්කලී ආකර්ෂා හටත් බස්නාහිර පළාතෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, අශෝකා ලංකාතිලක, මල්ෂා කුමාරතුංග සහ සුජීවා නිශානි හට පමණක් නාමයෝජනා ලබාදී ඇත. 

බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ කිරිම සඳහා "සිරස" මාධ්‍ය ජාලයේ ප්‍රධානින් තිදෙනෙකුට ප්‍රධාන පක්ෂ තුනකින් අපේක්ෂකත්වය හිමිව තිබේ.

නීතිඥ සුසාර දිනාල් මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟ කිරීමටත්, සුසිල් කිඳෙල්පිටිය‍ මහතාට සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හා එස්.එම්. මරික්කාර් මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාව සඳහා කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කිරීමටත් අවස්ථාව හිමිව ඇත.


copy by 33000.lk

Chinthaka. Powered by Blogger.