දියණියගේ ගවුම කොට වැඩි යයි අවවාද කළ නිසා මන්ත‍්‍රී තාත්තා ගුරුවරියක දණගස්සයි

Jun 15, 2013

පාසල් ගුරුවරිය දණ ගැස්සූ මන්ත‍්‍රී රක්ෂිත බන්ධනාගාරයට...

පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් නවගත්තේගම මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් සහ විනය බාර ගුරුවරිය ආනන්ද සරත් කුමාර නම් එජනිස පළාත් සභා මන්ත්‍රීගේ දියනියක වූ එම පාසැලේ සිසුවියකට විනය හැසිරීම මත උපදෙස් ලබාදීම පිළිබඳ උරණ වූ ආනන්ද සරත් කුමාර පළාත් සභා මන්තී්‍රවරයා එම ගුරුවරිය පාසල් භූමියේ ප්‍රසිද්ධියේ දණ ගස්සවා දියණියගෙන් සමාව ගන්නැයි තර්ජනය කර තිබේ. ඊයේ සිදුවු මෙම සිද්ධිය පිලිබඳ ගුරුවරිය අද පොලිසියට පැමිණිලි කළ අතර සවස් වන විට අදාල මන්ත්‍රීවරයා ආණමඩුවේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය.


පසුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරයා ලබන 18 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.


0 comments

Post a Comment

Chinthaka. Powered by Blogger.