සිය පුතුගේ ඝාතකයා අවසන් මිනිත්තුවේදී මරණ දඬුවමෙන් ගලවාගත් පුදුමසහගත මවක්

Apr 18, 2014

සිය පුත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකුට නියමව තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තත්පර ගණනකට පෙර ඔහු නිදහස් කර සමාව දීමට ඉරාන මවක් ක්‍රියා කර තිබේ.
ඉරාන ශාරියා නීතියට අනුව අදාළ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බලාල් නමැති ඝාතකයා ප්‍රසිද්ධ ස්ථානයකට
රැගෙන විත් තිබිණි.

ඔහුගේ ගෙළට තොණ්ඩුව දමා පුටුවක් මත තබා තිබූ අතර ඝාතකයා එහිදී සමාව ඉල්ලා කෑ ගසා තිබේ.
ඝාතකයා සිටි පුටුව ඉවත් කර ඔහු ඝාතනය කිරීම මවට පැවරී තිබූ අතර ඝාතකයාගේ කෑ ගැසීම් හමුවේ හද කම්පා වූ ඝාතනය ලක්වූ පුත්‍රයාගේ මව වේගයෙන් ඔහුට කම්මුල් පහරක් දී ඇති අතර පසුව ඔහුට සමාව දුන් බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

එම අවස්ථාවේ ඝාතකයාගේ මව දුව විත් සිය පුතුට සමාව දුන් කාන්තාව සිප වැළඳගෙන ඇත.
සිද්ධියෙන් පසුව සමාව දුන් කාන්තාව පැවසුවේ, සිය පුත්‍රයා මරණයෙන් පසුව යහපත් ලෙස සිටින අයුරු තමන් සිහිනෙන් දුටු බව ත්, ඝාතකයාට සමාව දෙන ලෙස ඉල්ලා සිටි බව ත් ය.

මේ අනුව, සිය පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතකයා කෙරෙහි පැවති වෛරය සංසිඳුවා ගැනීම සඳහා ඔහුට කම්මුල් පහරක් එල්ල කළ බව ද ඇය සඳහන් කළේ ය.
ශාරියා නීතිය අනුව මරණ දඬුවම් ලබන පුද්ගලයෙකුට සමාව දීමට අගතියට පත් පාර්ශවයට හැකියාව පවතී.




0 comments

Post a Comment

Chinthaka. Powered by Blogger.