
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ
කුරුණෑගල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක 11වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී. බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නැමැති කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.
ෆේස්බුක් ගිණුමක ඇය පාසල් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ විද්‍යාලයේ නිල ලාංඡනය පළ කර තිබීම සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා කාර්යාලයට කැදවූ මෙම ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිවරයා විසින් තදින් දොස් පවරා ඇති අතර යළි පාසල් එන දිනයේදී දෙමව්පියන්ද පාසලට කැදවාගෙන එන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.
මෙම සිදුවීමෙන් දැඩි ලෙස සිත් තැවුලට පත් වී සිටි බව කියන මෙම ශිෂ්‍යාව පාසැල නිමවී නිවසට පැමිණි පසුවත්, නිවාඩු දිනයක් වූ ඉකුත් 04 වැනිදාත් දැඩි කනස්සල්ලෙන් යුතුව කාලය ගෙවා තිබේ. පසු ගිය (05) වනිදා නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ඇය නිවසේ වහලයේ බාල්කයක සාරියක් අධාරයෙන් ගෙල වැලලාගෙන තිබේ.
සිසුවිය සාරියකින් බාල්කයේ එල්ලී සිටින ආකාරය දුටු කාන්තාවක් එම නිවස ඉදිරිපිට වෙළදසැලක් පවත්වාගෙන යන එම කාන්තාවගේ පියාට ඒ බව දැනුම් දී තිබේ.
පියා එහි පැමිණ සිසුවිය එල්ලී සිටි සාරිය කපා බිමට ගෙන ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී සිසුවිය මිය ගිය බව ඇගේ ඥාතීහු කියති.
ගෙල වැල ලාගැනීමට පෙර සිය පියා අමතමින් පිටු තුනක ලිපියක්ද ලියා ඇති අතර එහි සඳහන් වන්නේ නොකළ වරදක් සම්බන්ධයෙන් නොමනා වචන පවා යොදාගනිමින් විදුහල්පතිවරයා විසින් තමන්ට දොස් පැවරූ බවත්, පාසලේ තවත් ළමයෙකුට මෙවැනි ඉරණමක් අත් නොවනු පිණිස මෙලෙස සියදිවි නසා ගන්නා බව යැයි පැවසේ.
ඇය ලියු ලිපිය පහතින් බලන්න