නෑ මේ මනුෂ්‍ය ලෝකයේ නෑ
සෝමා එදිරිසිංහ පැමිණ මාව පරීක්ෂා කළා
මීට පෙර පොහොය දිනයන්හිදී රූපවාහිනී වැඩසටහන් වලට නැතිවම බැරි කෙනෙක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් රූපවාහිනියේ දක්නට ලැබුණේ නෑ.
පසුව උන්වහන්සේම එම ප්‍රකාශ ගැන පවසා තිබුනේ මම ඔව්වා කිව්වේ බොරුවට. මුන් රැවටුනා යනුවෙනි.
කෙසේ හෝ දීර්ග කාලයක සිට රූපවාහිනියේ දක්නට නොලැබුණු පිටිදූවේ සිරිධම හිමියන් මීට මාස 2කට පෙර සිට ස්වර්ණවාහිනියෙන් මතුවුනේ උදෑසන 6.00ට විකාශය වන "ඒහිපස්සිකෝ" වැඩසටහන තුළිනි.
ඊයේ පොහොය දිනයේ පාන්දර ඒහිපස්සිකෝ වැඩසටහන්ට සිරිධම්ම හිමියන් පැමිණි අතර ස්වර්ණවාහිහිනියෙන් පෝදා විකාශය කරන ධර්ම වැඩසටහනද සජීවීව විකාශය කළේ පිටිදූවේ හිමියන්ගේ බෙල්ලන්තර සදහම් ආශ්‍රමයේ සිටයි.
එයට සෝමා ඉදිරිසිංහ, මර්වින් සිල්වා, හර්ෂද සිල්වා, රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ, රවී කරුණානායක ද සහභාගී විය.
එම සජීවී විකාශයේදී නැවතත් උන්වහන්සේ තමන් පිළිබඳව නැවතත් අධිමානයෙන් කතා කරනු ලැබුවා. එහිදී පිටිදූවේ හිමියන් ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේගේ ධර්ම ඥානය පැරදවිය හැකි කිසිවෙක් මේ මනුෂ්‍ය ලෝකයේ නැති බවයි. එමෙන්ම සෝමා එදිරිසිංහ පැමිණ උන්වහන්සේගේ සකෘද්ධාගාමී බව පරීක්ෂා කල බවයි.
"මිනිස්සු මට චෝදනා කරන්නේ, නින්දා කරන්නේ, බොරු කියන්නේ මට මගේ දක්ෂතාවය පිළිගන්න තියන අකමැත්ත නිසයි. ඒක තමයි ඇත්ත. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා.
ඒවා සේරම බොරු චෝදනා හිස් ප්‍රලාප. ඒ කටකතා වලින් පිළිගන්නව නම් මෝඩයි. අපි ගිහින් පරීක්ෂා කරලා බලන්න ඕනේ, දැන් මෙතන විශාල පිරිසක් ඉන්නවා මේ අය ඒ කතා කිව්වට පිළිගත්තේ නෑ. සෝමා ඉදිරිසිංහ මැතිණිය පිළිගත්තේ නෑ කිව්වට. ඒ ගොල්ලෝ ඇවිල්ලා පරීක්ෂා කලා. මේ චෝදනා ඇත්තද කියලා. එතකොට ඒ ගොල්ලන්ට තේරුණා මේ සේරම හදපු කථා කියලා.
අපි කාට හරි චෝදනා කරන්නේ අපිට එයත් එක්ක වාද කරන්න බැරි නිසානේ. එයාගෙන් ප්‍රශ්න අහලා ධර්ම ඥානය පරීක්ෂා කරන්න ඕනේ, අවබෝධ ඥානය පරීක්ෂා කරන්න ඕනේ.
මගේ ධර්ම ඥානය වත්, අවබෝධ ඥානයවත් පරදවන්න කිසිවෙක් නෑ මේ මනුෂ්‍ය ලෝකයේ.
මජ්ජිම නිකායේ සූත්‍රයක් තියනවා "චබ්බිසෝදන සූත්‍රය" කියලා. ඒකේ තියන්නේ මෙහෙමයි, යම් කිසි භිෂුවක් මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීම හෝ රහත් බව ප්‍රකාශ කිරීම හෝ කලහොත් අනිත් භික්ෂූන් එය පිළිනොගත යුතුයි. එමෙන්ම එය ප්‍රතික්ෂේපද නොකල යුතුය, ඇවිත් පරීක්ෂාකොට බලා පිළිගත යුතුයි.
ඕනෑම කෙනෙකුට මාව පරීක්ෂා කරන්න ඉඩ තියනවා. උගතුන්, ඥානවන්තයන්, ශාස්ත්‍රවන්තයන්, ධර්මදරයන්, විද්යාඥ්යන්, දේශපාලඥයන්, සමාජයේ සියළුම තරාතිරම් වල මිනිස්සු මාව සභාවකට කැඳවලා මගෙන් ප්‍රශ්න කරලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව පරද්දන්න. කිසිවෙකුට මාව පරාජයට පත්කල නොහැක.
ඉතින් පරාජයට පත් කරන්න බැරි මිනිහෙක්ට ගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
කැලණිතිස්ස රහතන්වහන්සේ කුමන්ත්‍රණයක් කරලා උණු තෙලට දාලා බැද්දා. ඒ සිද්ධිය වෙලා දින 7ක් තුලත මේ කැළණියම් මුළු කොළඹම ජලයෙන් යට වුණා. ඒක තමයි සාපය..! ඒක තමයි සාපය...!!"
උපුටා ගැනීම www.33000.lk
.jpg)
0 comments
Post a Comment