එහෙත් එම වාර්තාව සම්බන්ධයෙන් පාඨක අදහස් යොමුකර ඇති වැඩි පිරිසක් කැමරන්ගේ ප‍්‍රකාශය දෝෂ දර්ශනයට ලක්කර තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා සිටින ඬේවිඞ් කැමරන්ට හිටපු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර්, හිටපු අමෙරිකානු ජනාධිපති ජෝජ් බුෂ් සමග එක්ව ඉරාකයට එරෙහිව ගනු ලැබූ කි‍්‍රයාමාර්ග අමතක වීම ලැජ්ජා සහගත බව ඇතැම් පාඨකයන් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ප‍්‍රථම ටෝනි බ්ලෙයාර් සමයේ සිදුවූ යුද අපරාධ පිළිබඳ ඬේවිඞ් කැමරන් අවධානය යොමුකළ යුතු බව එහි දක්වා තිබෙනවා.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට ප‍්‍රථම, ලිබියාව සහ සිරියාව වැනි රටවල් කෙරෙහි අවධානය යොමුකරන ලෙසයි ඇතැම් පාඨකයන් පෙන්වා දී ඇත්තේ. ශ‍්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් සොයාගෙන තිබුණේ නම් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය මීට වඩා වෙනස් වනු ඇති බවයි තවත් වෙබ් පාඨකයෙකුගේ මතය වී තිබුණේ.