මුරලිගේ ප්‍රකාශ හමුවේ චැනල්-4 නිරුත්තරයි!

Nov 17, 2013

"ඬේවිඞ් කැමරන්ව සම්පූර්ණයෙන්ම නොමග ඇරලා.ඔහු මින් පෙර ලංකාවට ඔහුගේ තරුණ කාලේ හරි ඇවිල්ල තියනවද කියල මම දන්නෑ. 









 "ඬේවිඞ් කැමරන්ව සම්පූර්ණයෙන්ම නොමග ඇරලා.ඔහු මින් පෙර ලංකාවට ඔහුගේ තරුණ කාලේ හරි ඇවිල්ල තියනවද කියල මම දන්නෑ. නමුත් ඔහු පළමු වරට තමා උතුරට ගියේ. විසිපහක් තිහක් දෙමාපියො ඇවිල්ලා පෝස්ටර් පෙන්නුව කියල ඒ කතා විශ්වාස කරන්න පුළුවන්ද.මේ අයට කිසිදා මෙහි ආපු නැති ජාත්‍යන්තර නායකයින් නොමග යවන්න පුළුවන්. එහෙම වුණාම ඇත්ත හොයාගන්න අමාරුයි. අසූගණන් වල මගෙත් ගේ ගිනි තිබ්බා. ඒවා මට ප‍්‍රශ්නයක් නෙමෙයි. ජාතින් දෙක අතර සංහිඳියාවක් ඇතිවුනොත් විතරයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඇයි මේ කිසිම වැඩක් නැති කවුරුත් දන්නැති යටගියාවක් හාරන්නේ. යුද්ධයකදී ඕනම දෙයක් වෙන්න පුලූවන්. දෙපැත්තටම වැරදි තියනවා. යටගියාව අවුස්සලා කිසි දෙයක් විසඳගන්න බෑ. මං කියන්නේ ඒ දේ සුදුසු දේ නෙමෙයි කියලා. පරණ දේවල් අපි කාටවත් වැඩක් නෑ. අපිට සාර්ථකව ඉදිරියට යන්න නම් පරණ දේවල් අමතක කළ යුතුයි කියලා ජේසු තුමා පවා කියල තියෙනවා.. එහෙම නේද?"

මුරලි! ඔබට ජාතියේ උපහාරය!
Chinthaka. Powered by Blogger.