ගයේෂා, රුවන්ති, ජින්ජර් නාම යෝජනා මණ්ඩලයෙන් විසිවේ

Jan 29, 2014

ගයේෂා, රුවන්ති,
ජින්ජර් 
නාම යෝජනා
මණ්ඩලයෙන් 
විසිවේ.......

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය උණුසුම් ස්වරූපයක් ගෙන තිබුණේ පසු ගිය දිනයන්හී දී එළබෙන මැතිවරණයට නළු නිළියන් රැසක් එක් වීමත් සමගිනි. කලාකරුවන් විශාල පිරිසක් පළාත් සභා මැතිවරණයක දී දේශපාලනයට එක් වූ ප්‍රථම අවස්ථාව

ද මෙයයි. 

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ජනප්‍රිය නිළි ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිළි රුවන්ති මංගලා මෙන්ම  ගායිකාවක ද වන ජුඩිත් ජින්ජර් හට නාම යෝජනා බාර නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බවපැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධානින්ගෙන් මෙන්ම මාධ්‍යවලින් එල්ලවී ඇති නොයෙකුත් විරෝධතාවන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාමයෝජනා මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. එසේම හිටපු මන්ත‍්‍රීවරුන්ට අමතරව කොළඹ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප ලයිස්තුවේ ඉඩකඩ ඉතා සීමිත වීමද මෙයට බලපා ඇති කරුණු වේ.

රුවන්ති මංගලා සහ ජින්ජර් යන දෙපළගේ නම් නිර්දේශ කර තිබුණේ මන්ත‍්‍රී දුමින්ද සිල්වා විසින් අතර නගරාධිපති ධනසිරි අමරතුංග විසින් ගයේෂා පෙරේරාගේ නම නිර්දේශ කර ඇත.

දැනට එම සම්මුඛ පරීක්ෂණය සඳහා පෑයූ තරු අතුරින් ඉතිරිව ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පමණි. ඇය  නාම යෝජනා මණ්ඩලයට පැමිණීමට පෙර පටන් ම ඇයට නාම යෝජනා ලබාදෙන බවට පක්ෂය මගින් තීරණයකොට තිබුණි. ජානාධිපතිතුමන් ද ඈ සන්ධානයට එක් වනවාට දැඩි කැමැත්තක් දැක් වූ බව පෙනෙන්නට තිබුණි.

ඒ අනුව ඇයගෙන් සම්මුඛ පරීක්ෂණයේදී වැඩිපුර ප්‍රශ්න විමසා තිබුනේද නැත. අවසානයේ හිරුනිකාගේ ජන්ද කැඩීම සඳහා දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කල රුවන්තිගේ හා ජින්ජර්ගේ සැලැස්ම ව්‍යාර්ථ වී ඇති බව බොහෝ දෙනෙක්ගේ මතය වී තිබේ. 
Chinthaka. Powered by Blogger.