රංගන ශිල්පිනියන්ට සීමාවන් නැතිව හැසිරෙන්න පුළුවන්
නෙතූ ප‍්‍රියංගිකා තවමත් නවක නිළියකි. සිංහාවලෝකනය, ජීවිතය ලස්සනයි චිත‍්‍රපට ඇතුළුව ටෙලි නාට්‍ය කිහිපයකින්ද පේ‍්‍රක්ෂක අවධානය දිනා ගැනීමට ඇය සමත් වූවාය.
නෙතූ කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
ඔයා නිළියක් වෙනවටද එයා අකැමැති වුණේ?
නැහැ. එයත් මේ ෆීල්ඞ් එකේම සීනියර් කෙනෙක්. ඒ ගැන එයාට ප‍්‍රශ්නයක් තිබුණේ නෑ.
එහෙනම් ඒක ඉනිමගට පයින් ගැහුවා වගේ වැඩක්ද?
නෑ, නෑ. ෆීල්ඞ් එකට එන්න එයා උදව් කළේ නෑ. මම මෙතැනට ආවට පස්සේ ගොඩක් දේවල් ගැන එයා මට කියා දුන්නා.
එයා නළුවෙක්ද?
නෑ. වෘත්තියෙන් නළුවෙක් නෙවෙයි. ඒත් මට නම් නළුවෙක් වගේ ලස්සනයි.
හිරිකිත නළුවෙක් එක්ක පේ‍්‍රම ජවනිකාවක් කරන්න වුණොත්?
අනිවාර්යයෙන්ම කරනවා. මගේ පෞද්ගලික කැමත්ත රැුකියාවට අදාළ නැහැනේ.
චිත‍්‍රපටයකදී එහෙම දර්ශනයක් තිබිලාම නැද්ද?
දැනට නම් එහෙම නෑ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ.
මීළඟ පෙම්වතා නළුවෙක් වේවිද?
නෑ. නෑ. එහෙම නෑ. ගායකයෙක්, නළුවෙක්, දොස්තර කෙනෙක්, හිඟන්නෙක් කවුරු වුණත් හැමෝම මිනිස්සුනේ. මොන වරද කළත් මට ගෙදර ඇවිත් එයාට කියන්න පුළුවන් නම් ඒ ඇති. එයත් එහෙම විවෘත විය යුතුයි.
නයනි බුද්ධිප‍්‍රිය
RIVIRA Paper
නයනි බුද්ධිප‍්‍රිය
RIVIRA Paper